Date: 10th April 2026 (Friday)
Time: 12:30pm – 01:30pm
Google Meet link: https://meet.google.com/zvg-sfmu-mry
Scan to Join:

වෛද්‍ය කිෂාණි දිනපාල
ක්ශුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍ය
ඒ ගැන විමසා සිටි විට කුඩා දියණියට ප්‍රතිජීවක ඖෂධයක් ලබා දී නැති බවත් ඒ නිසා රජිතා ප්‍රතිකාර පිලිබදව සෑහීමකට පත්වී නැති බවත් මිතුරියට වැටහුණා.
ඇතැම් අවස්ථා වල සමහර රෝගීන් රජිතා මෙන්ම ප්‍රතිකාර පිලිබදව නොසතුටින් සිටින බව නොරහසක්. අපි භාවිතා කරන ඖෂධ අනවශ්‍ය ලෙස භාවිතා කිරීම හානිදායක විය හැකි බව නොදැන සිටීම මෙයට හේතුවයි.
මොනවද මේ ප්‍රතිජීවක ඖෂධ කියන්නෙ?
ඉංග්‍රීසි භාෂාවෙන් Antibiotics කියලා හදුන්වන මේ ඖෂධ කාණ්ඩය සුලබ ලෙස ආසාදන (infections ) සුවකිරීමට යොදා ගන්නවා. Antibiotics ගැන ඔබ දැනුවත් ද ? අපි මේ වටිනා, නමුත් නිතර අවභාවිතා වන ඖෂධ වර්ගය ගැන කතා කරමු.
අපට වැලදෙන ආසාදන විවිධ වර්ගයේ ක්ශුද්‍ර ජීවීන් නිසා ඇති විය හැකියි. බැක්ටීරියා , වෛරස , දිලීර මේවායින් කීපයක්.
Antibiotics හෙවත් ප්‍රතිජීවක ඖෂධ ක්‍රියාකාරී වන්නේ බැක්ටීරියාවන්ට එරෙහිව පමණයි.
ඉතින් අර චූටි දුවගෙ හෙම්බිරිස්සාවට Antibiotics නියම නොකිරීමෙන් වෛද්‍යවරයා කලේ වැරැද්දක් ද?
ඇත්තෙන්ම නැහැ.
පුංචි දරුවන්ට වැලදෙන උණ හෙම්බිරිස්සාව (common cold) සෑම විටම පාහේ ඇති වෙන්නෙ වෛරස නිසා. ඒනිසා එවැනි ආසාදන වලට Antibiotics වලින් කල හැකි කිසිවක් නැහැ.
බැක්ටීරියා ඉතා ඉක්මනින් ජීවත් වන පරිසරයට අනුවර්තනය වන ක්ශුද්‍ර ජීවීන් වර්ගයක්. තමන් මර්ධනය කල හැකි ඖෂධ වලට එරෙහිව ප්‍රතිරෝධයක් ඇති කර ගන්න ඔවුන් ඉතා හපනුන්. මෙය හදුන්වනවා Antibiotic resistance ලෙස.
නිතර antibiotics ලබා ගන්නා හෝ antibiotics නිවැරදි ලෙස භාවිතා නොකරන පුද්ගලයින් තුල ජීවත් වන බැක්ටීරියා මේ විදියට ප්‍රතිරෝධයක් නිපදවාගත් බැක්ටීරියාවන් (antibiotic resistant bacteria ). එමෙන්ම මේ බැක්ටීරියා ඉතා වේගයෙන් රෝහල් තුල සහ සමාජය තුල පැතිර යනවා.
මේ සුවිශේෂ බැක්ටීරියා ඇතිකරන ආසාදන අපට ලෙහෙසියෙන් ප්‍රතිකාර කල හැකි ආසාදන නොවේ. ඒ අපි දැනට භාවිතා කරන antibiotic වැඩි ප්‍රමාණයකට මේ බැක්ටීරියා ප්‍රතිරෝධ නිසා! එවැන්නක් ඇති කරන ආසාදන වලින් මරණය ලගාවෙන්නත් පුලුවන්! ප්‍රතිජීවක නිශ්පාදනය ලෙහෙසිපාසු කටයුත්තක් නෙවි. ඒ සදහා වසර ගණනාවක් හා විශාල පිරිවැයක් වැයවෙනවා. ඉතින් අලුත් ප්‍රතිජීවක ඖෂධ නිපදවීම සිදුවන්නේ ඉතාම හිමින්.
ඒ නිසා ප්‍රතිජීවක අවභාවිතා වීම (irrational use of antibiotics ) වැලැක්වීමට නැතිනම් antibiotics නිවැරදි ලෙස පාවිච්ච් කිරීමට අපි වග බලාගත යුතුයි. එය කරන්නෙ කොහොමද?
ඉතින් නිවැරදි ලෙස භාවිතා කිරීම මගින් ප්‍රතිජීවක අනාගතයට සුරැකිය හැකි බව අප අවධාරණය කර ගත යුතුයි.
මේ සියල්ල වෛද්‍ය මිතුරිය රජිතාට පැහැදිලි කර දුන්නා.
ප්‍රතිජීවක අව භාවිතය වැලැක්වීමට දායක වීමට ඔබත් සූදානම්ද?